මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නාලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) මුල්ගල් තැබීමත් සමඟ නිල වශයෙන් ආරම්භ විය. පාසලේ සිසුන් 5,000කට පමණ වඩා ආරක්ෂිත සහ නවීන ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කර දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහි ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 42ක් වෙන් කර තිබේ. විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, වත්මන් රජය විසින් මෙම අරමුදල් වෙන් කර ඇති අතර නියමිත කාලසටහනට අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
මීට අමතරව, සිසුන් සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ පන්ති කාමර පහසුකම් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 1,370ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පැවසීය. විදුහල්පති පී.ඩබ්ලිව්.ඒ.ඒ. ලංකාචන්ද්‍ර මහතා සඳහන් කළේ පාසලේ නේවාසිකාගාර අවශ්‍යතා වෙනුවෙන්ද රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති බවයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු තවත් නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය සහ ආදි සිසුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














