රුපියල් මිලියන 15කට වැඩි ප්‍රතිපාදන වෙන් කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ” (MRF) ඉදිකිරීම් කටයුතු පසුගිය 14 වන දින ආරම්භ කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආරම්භක කටයුතු සිදු කෙරිණි.
ඉදිරි වසර 03 තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, “Clean Sri Lanka” වැඩසටහන සමඟ එක්ව දිවයින පුරා “ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන” (MRF – Materials Recovery Facility) 58ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ එක් ප්‍රධාන පියවරක් ලෙස මෙය සැලකේ.
මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් වන අතරම, පරිසර දූෂණය අවම කරමින් අනාගත පරපුරට සෞඛ්‍ය සම්පන්න හරිත පරිසරයක් උරුම කර දීමට අපේක්ෂා කෙරේ. කලාපීය මට්ටමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ප්‍රවේශය රටේ සමස්ත පරිසර පද්ධතියේ සහ සනීපාරක්ෂක තත්ත්වයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇත.














