කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ දිනපතා ව්‍යායාම, යෝග්‍යතා පුහුණු සහ ක්‍රීඩා කටයුතුවල නිරත වන දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ කමිටුවක් පත් කර තිබේ. ව්‍යායාම උපදේශකයින් සහ එම පහසුකම් භාවිතා කරන පිරිස විසින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගියදා (17) අදාළ ස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කර තිබේ.
මෙහිදී එම ප්‍රදේශයේ පවතින මූලික අඩුපාඩු මගහරවා ගැනීම සහ ක්‍රීඩා පුහුණුවීම් සඳහා පැමිණෙන විශාල පිරිසක් වෙනුවෙන් වඩා හොඳ පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. හඳුනාගත් ගැටලු විසඳීම සඳහා සහ ඉදිරි මාස කිහිපය තුළ වඩාත් දියුණු පහසුකම් පද්ධතියක් සකස් කිරීම සඳහා මූලික යෝජනා ලබා ගැනීමද මෙහිදී සිදු කර තිබේ.














