ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා Level III රතු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළේ ප්රදේශයටත්, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, අරණායක, දෙරණියගල, මාවනැල්ල සහ යටියන්තොට ප්රදේශවලටත් රතු නිවේදන නිකුත් කර ඇත.
නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්රදේශවලටද මෙම රතු අනතුරු ඇඟවීම බලපැවැත්වේ. අදාළ ප්රදේශවල ජනතාවට නායයෑම් අවදානම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.














