ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන හමුදාමය මෙහෙයුම් සහ පවතින යුධමය තත්ත්වය හමුවේ ඇමෙරිකාව තුළ ඉන්ධන මිල ඉහළ යාම, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙවීමට සිදුවන “ඉතා සුළු පිරිවැයක්” බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඇමෙරිකානු ඡන්දදායකයින් සහ සාමාන්‍ය ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි. දෛනික ජීවන පිරිවැය ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තමන් දැඩි ආර්ථික පීඩනයකට ලක්වන බව පවසන ඡන්දදායකයින්, විදේශීය හමුදාමය මැදිහත්වීම් වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ සාමාන්‍ය ජනතාව බිලිදීම සාධාරණීකරණය කළ නොහැකි බවට චෝදනා කරති.














