කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල පොලිස් වසමේ කරව්වැව ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ රිය අනතුරකින් 75 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටි කාන්තාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගොකරැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, ඇය ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













