අගලවත්ත – බදුරලිය මාර්ගයේ 67/2 බෝක්කුව ආසන්නයේදී ඊයේ (20) සවස යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බදුරලිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා පෙරළී යාමෙන් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා පිඹුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 41ක් වන ගැලෑඳ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මතුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අගලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













