ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර නීති වෘත්තියේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
දකුණු කොරියාවේ සෝල් නුවර 2026 සැප්තැම්බර් 14 සිට 16 දක්වා පැවැති 39 වැනි LAWASIA සමුළුවට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ සභාපතිනි ටානියා වුල්ෆ් විසින් ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරටේ නීති වෘත්තිකයන් අතර සහයෝගිතාව සහ වෘත්තීය හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, නීතිමය දැනුම හා තොරතුරු හුවමාරුව පහසු කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ නීති වෘත්තියේ හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පොදු කැපවීම ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.













