කටාර් රාජ්‍යයේ කම්කරු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් ඊයේ (21) දෝහාහිදී පැවැත්වුණා. දෙරට අතර කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, ශ්‍රමික සුබසාධනය හා ආරක්ෂාව ශක්තිමත් කිරීම, විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 140,000කට ආසන්න පිරිසක් සේවය කරන පසුබිමක, දෙරටේ ඒකාබද්ධ කමිටු රැස්වීම හරහා ශ්‍රමිකයන්ට සහ සේවා යෝජකයන්ට සෘජු ප්‍රතිලාභ සැලසෙන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමටද සාකච්ඡා කර තිබෙනවා.
















