රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලීසිය පවසනවා.
වදුරම්මුල්ල, සේසත මාවතේදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගෙන ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියක සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 190ක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවස්ථා 7කදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් වාර්තා වනවා. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
















