යාපනය, පේදුරුතුඩුව මූලික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය සඳහා රුපියල් මිලියන 212ක ව්‍යාපෘති වටිනාකමකින් ඉදිකිරීමට නියමිත නව නිල නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම සැප්තැම්බර් 19 වැනිදා සිදු කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායකන් ද සහභාගී වී තිබේ.
උතුරු පළාත් සභාව වෙන් කළ අරමුදල් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ඉදිකිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ. රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට පවතින නේවාසික පහසුකම් හිඟයට විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
රජයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම ඉදිකිරීම් සිදු කෙරේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සෞඛ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව රජයේ නිල ප්රවෘත්ති නිවේදනයේ සඳහන් වේ.
















