ආසියානු ක්‍රීඩා උලෙළේ අද පෙරවරුවේ පැවති කාන්තා බොක්සිං මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හිමිකර දීමට නදීකා පුෂ්පකුමාරි සමත් වී තිබෙනවා.
කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ තරග වැදුණු ඇය, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩිකාව වට 5–0ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
මීට අමතරව, පිහිනුම්, පැසිපන්දු, කබඩි, ජිම්නාස්ටික්, මේසපන්දු සහ හොකී යන තරග ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද එක්වීමට නියමිතයි.













