සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය බලය පිහිටුවා ඇති පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.
දිට්වා ආපදාවට අදාළව රජයෙන් ලබාදුන් රුපියල් මිලියන 718.6ක මුදලින් ජනතාවට ප්රතිලාභ නොලැබුණු බවටත්, පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් රුපියල් මිලියන 35ක මුදලින් මිලදී ගත් කොන්ක්‍රීට් නළ ප්‍රයෝජනයට නොගෙන ස්ථාන කිහිපයක ගොඩගසා ඇති බවටත් පැමිණිලි ලැබී තිබෙනවා.
සභාවේ මූල්‍ය හා භෞතික ප්‍රගතිය සියයට 100ක් ලෙස දැක්වුණද ජනතාවට ප්‍රතිලාභයක් ලැබී නොමැති බව ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ අනුව විමර්ශන කමිටුවක් පත්කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.













