ආයෝජන සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කළ “ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද (22) විවෘත කෙරුණා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කර තිබෙනවා.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී රාජ්‍ය ආයතන සමඟ ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබාදීම සහ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කර අවශ්‍ය පහසුකම් සැලසීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.
කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ C-80 ගොඩනැගිල්ලේ පිහිටි මධ්‍යස්ථානයට සමගාමීව එහි නිල වෙබ් අඩවිය ද විවෘත කර තිබෙනවා.
















