ශ්‍රී ලංකාවෙන් චීනයටත්, එතැන් සිට කැනඩාව දක්වාත් විහිදුණු භික්ෂුණී ශාසන පරම්පරාවේ වසර 1,600ක ඓතිහාසික ගමන සහ බෞද්ධ කාන්තා නායකත්වයේ දායකත්වය ඇගයීමේ වැඩසටහනක් ඔක්තෝබර් මාසයේදී කැනඩාවේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා පූර්ණ උපසම්පදාව ලැබූ ජ්‍යෙෂ්ඨ උපජ්ඣායිකාවක වන චීන ජාතික ආයා ආලෝකා තෙරණිය කැනඩාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී ඔටාවා සහ ටොරොන්ටෝ නගරවල බෞද්ධ ප්‍රජාවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හමුවීමට නියමිත බව සඳහන්.
Buddhist Embassy සංවිධානය කරන මෙම වැඩසටහනේදී ක්‍රිස්තු වර්ෂ 433දී ශ්‍රී ලංකාවේ සිට චීනයට වැඩම කළ දේවසාරා තෙරණියගේ ඓතිහාසික මෙහෙවර ද සිහිපත් කෙරෙනවා. එහිදී චීන කාන්තාවන් 300කට අධික පිරිසකට උපසම්පදාව ලබාදීම චීන භික්ෂුණී ශාසන වංශයේ ආරම්භය ලෙස සැලකෙනවා.
















