ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ පිරිමි කිලෝග්‍රෑම් 70 බර පන්තියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවේ ලහිරු චන්ද්‍රබණ්ඩාර ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව යේමනයේ මුස්තාෆා සයීද් පරාජයට පත් කරමින් ලහිරු චන්ද්‍රබණ්ඩාර 4-1ක split decision ජයක් හිමිකරගෙන තිබෙනවා. විනිසුරුවන් සිව්දෙනෙකු ලහිරුට 29-28 ලෙස ලකුණු ලබාදී ඇති අතර, එක් විනිසුරුවරයෙකු එම ලකුණු ප්‍රමාණයෙන්ම යේමන ක්‍රීඩකයාට ජය ලබාදී තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ ලහිරු චන්ද්‍රබණ්ඩාර පිරිමි කිලෝග්‍රෑම් 70 බර පන්තියේ මීළඟ වටයට සුදුසුකම් ලබා තිබෙනවා. තරගය ජපානයේ Nishio Gymnasium හිදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු දින බොක්සිං තරගාවලියේ කොටසක් ලෙස පැවැත්වුණා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















