ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සවි එසවීමේ තරගවලදී දස්කම් දැක්වූ ආචාර්ය රුවන් පෝල් පිළිබඳව මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. ඔහු මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ සහ ක්‍රිස්තු රාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඇති බවත් World Powerlifting Lanka සඳහන් කරයි.
World Powerlifting Lanka අනුව, රුවන් පෝල් 2019 Australian Masters තරගාවලියේදී රන් පදක්කමක් සහ squat වාර්තාවක් හිමිකරගෙන ඇති අතර, 2023 ඉතාලියේ පැවැති World Powerlifting Championships තරගාවලියේදී රන් පදක්කමක් සහ 2024 ඕස්ට්‍රේලියාවේ පැවැති World Powerlifting Championships තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා.
මේ වනවිට රුවන් පෝල් World Powerlifting Lanka හි සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ සවි එසවීමේ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් දියුණු කිරීම සඳහා එම ආයතනය හරහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව එහි නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.















