ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් අනුරාග් ගාර්ග් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර දේශසීමා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වන අතර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීම සහ දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා දෙරට එක්ව ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමද මෙම සංචාරයේ තවත් අරමුණක් බව සඳහන්.
















