රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය හෙට (24) සිට ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ වෛද්‍ය පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් මාර්ගගතව වෙන්කරවා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනවා.
එම දිනය සහ වේලාව වෙන්කරවා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඉදිරියේදී මෙම ක්‍රමවේදය හරහා ලබාදෙන වෙන්කිරීම් අවස්ථා සංඛ්‍යාව වැඩි කිරීමටද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
















