භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියන 24.85කට අධික වටිනාකමකින් යුත් විදේශ විනිමය ව්‍යාජ ලෙස මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට ලියාපදිංචි සමාගම් 89ක් භාණ්ඩ ආනයනය කරන බව හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් (Telegraphic Transfers) හරහා විදේශ විනිමය පිටරටට යවා ඇති නමුත් අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
එම විමර්ශනවලදී සමාගම් 05ක් මඟින් රුපියල් බිලියන 24.85ක විදේශ විනිමය ව්‍යාජ ලෙස රටින් පිටකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, වෝල් වීදිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
















