ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා.
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ලෙස නම් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ත්‍රස්තවාදය සහ ඊට සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් නීතිමය රාමුව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.














