වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් අතර හමුවක් පැවැත්වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 22 වැනිදා නිව්යෝර්ක් නුවරදී ට්‍රම්ප් විසින් පවත්වනු ලැබූ පිළිගැනීමේ උත්සවයක් අතරතුර මෙම හමුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙනිසියුලානු නියෝජිත පිරිස සිය සංචාරය අතරතුර බලශක්ති ක්ෂේත්‍රය, ආයෝජන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ අතර, වෙනිසියුලාවේ නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෙනිසියුලානු ජාතිකයන් ඇතුළු පිරිසක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.














