මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කළ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා තවත් 35 දෙනෙකු අලුතින් බඳවාගෙන තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (22) බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මෙලෙස බඳවාගත් පිරිසට මෙට්‍රෝ බස් රථ රියදුරන් 14 දෙනෙකු, කොන්දොස්තරවරුන් 18 දෙනෙකු, සුපරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු ඇතුළත්.
නව සේවකයින් අලුතින් ආරම්භ කර ඇති මෙට්‍රෝ ඩිපෝ අංගන මූලික කරගනිමින් ක්‍රියාත්මක මෙට්‍රෝ මාර්ග හතෙහි ගමනාගමන සේවා සඳහා යෙදවීමට නියමිතයි.














