2026 සැප්තැම්බර් 23 දින දහවල් කටුනායක පොලිස් වසමේ අන්දූ තොටුපොළ ප්රදේශයේදී සිදුකළ වැටලීම් දෙකකින් නීතිවිරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදුකර ඇති අතර, එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67යි මිලිලීටර් 500ක් (බෝතල් 90ක්) සහ ගෝඩා ලීටර් 945ක් (බැරල් 5ක්) සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 48 යන වයස්වල පසුවන මිනුවන්ගොඩ හා ආඬිඅම්බලම ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














