2026 සැප්තැම්බර් 23 දින දහවල් නාරම්මල පොලිස් වසමේ ගණන්ගමුව–කොඳුරුවාපොළ අතුරු මාර්ගයේ කොඳුරුවාපොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාසල් ළමුන් රැගත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ගණන්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
යතුරුපැදියේ පසුපැදිකරු සහ බස් රථයේ රියදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
මියගොස් ඇත්තේ මැදව, නක්කාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














