මුලතිව් දිස්ත්‍රික්කයේ මාංකුලම් පොලිස් වසමට අයත් පනික්කන්කුලම් ප්‍රදේශයේ නිවසක සිටි අඹුසැමි යුවළක් පහර දීමකින් පසු මියගොස් ඇති බව අද දෙරණ වාර්තා කරනවා. එම වාර්තාවට අනුව, සිද්ධිය සැප්තැම්බර් 24 වැනිදා අලුයම 2ට පමණ සිදුව තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනා අසල්වාසීන් විසින් මාංකුලම් රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සහ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, මාංකුලම් පොලිසිය විමර්ශන සිදු කරන බවත් වාර්තා වෙයි














