ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (24) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ජලාශය භාර ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ, තවදුරටත් අධික වර්ෂාවක් ඇදහැලුණහොත් සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බවයි.
ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබෙනවා.
මේ අතර, ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති බව සඳහන්.
















