හැටන් නගරයේ පවත්වාගෙන ගිය ත්‍රිරෝද රථ අලෙවි සැලක එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා අලෙවි කිරීමට සූදානම් කර තිබූ ත්‍රිරෝද රථ තුනක්, එන්ජින් දෙකක් සහ වෙනත් ත්‍රිරෝද රථවල අංක තහඩු කිහිපයක් සමඟ වෙළඳසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද මෙම වැටලීමෙන් අනතුරුව, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද හෝ අපරාධ සඳහා යොදා ගත් ත්‍රිරෝද රථ මෙලෙස අමතර කොටස් යොදා එකලස් කර අලෙවි කළේ දැයි යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















