හෙට ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ එකමුතුකම පෙන්වන බව අගමැතිනිය කියයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ හෙට (25) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 158 දෙනාගේ සාමූහික ශක්තිය සහ එකමුතුකම දැකගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගියද තම කණ්ඩායමට පෞද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බවයි.
දශක ගණනාවක් පුරා මෙරට ජනතාව නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය අහිමි වීම හේතුවෙන් පීඩාවට පත්වූ බව පෙන්වා දුන් අගමැතිනිය, යුක්තිය සහ නීතියේ පිහිට ධනවතුන්ට හා දේශපාලන බලය හිමි පුද්ගලයන්ට පමණක් ලැබෙන බවට පැවති මතය වෙනස් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කර තිබෙනවා.
රට වෙනුවෙන් වූ ආණ්ඩුවේ සාමූහික අරමුණ වෙනස් වී නොමැති බවත්, හෙට පස්වරු 7.00 පමණ වන විට එම සාමූහිකත්වය සහ ස්ථාවරත්වය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
















