සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් වාර්තා කළේය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස් කළේය. ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පන්දු 100කදී ලකුණු 121ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් ලබාගත් අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.
කුසල් මෙන්ඩිස් සමඟ දෙවන කඩුල්ල සඳහා ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගූ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස් කළ අතර, පවන් රත්නායක ලකුණු 48ක් ලබා දුන්නේය.
ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක් හිමිවිය.














