ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කතාව ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නියෝජිතයින් දුසිම් ගණනක් ශාලයෙන් පිටව ගොස් තිබේ.
2026 සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී මෙම සිදුවීම සිදුව ඇත. නෙතන්යාහු කතා කිරීමට ආරම්භ කළ අවස්ථාවේදී නියෝජිතයින් රැසක් ශාලාවෙන් පිටව ගිය බව Reuters වාර්තා කරයි.
එම අවස්ථාවේදී නෙතන්යාහු ශාලාවේ රැඳී සිටි පිරිස අමතමින් පිටව ගිය නියෝජිතයන් “සදාචාරාත්මක බියගුල්ලන්” ලෙස හැඳින්වූ අතර, එම අදහසට එකඟ වෙන තවත් අය සිටී නම් ඔවුන්ටද පිටව යන ලෙස ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ මැදපෙරදිග යුද තත්ත්වය සහ ගාසා තීරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ දැඩි මතභේද පවතින පසුබිමකදීය. එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය සැප්තැම්බර් 22 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.














