ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද (25) සිට පාඨකයින් සඳහා විවෘත කෙරෙනවා.
ඒ අනුව අද සිට ඔක්තෝබර් 04 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්යේෂණ සහ අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්රවලට අදාළ දහස් ගණනක් කෘති මෙහිදී විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව හිමිවනවා.
එමෙන්ම පොත් එළිදැක්වීම් සහ කතුවර හමු ඇතුළු විශේෂ වැඩසටහන් රැසක්ද මෙවර ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට නියමිතයි.
ප්‍රදර්ශනයට පැමිණෙන පාඨකයින්ගේ පහසුව සඳහා මෙවරත් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
වාර්ෂිකව පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය සඳහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් සහභාගී වන අතර, මෙවරද විශාල පිරිසක් සහභාගී වනු ඇති බවට සංවිධායකයින් විශ්වාසය පළ කරනවා.














