ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන “ජනතාවගේ පාලනය – වසර දෙකයි. රටට සුබයි” මහා රැලියක් ලබන ඉරිදා (27) ගම්පහදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයකට අනුව, රැලිය පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිත අතර, එම වේලාවේ සිට සජීවී විකාශයක්ද සිදුකිරීමට නියමිතයි.
ජාතික ජන බලවේග රජය බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන “ජනතාවගේ පාලනය – වසර දෙකයි. රටට සුබයි” මහා රැලි මාලාවේ තවත් අදියරක් ලෙස මෙම රැලිය සංවිධානය කර තිබෙනවා.
මීට පෙර කළුතර, අනුරාධපුර, පොළොන්නරුව, මාතර සහ අනෙකුත් ප්රදේශවලද මෙම තේමාව යටතේ රැලි පැවැත්වී ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම රැලි කිහිපයකට සහභාගී වී තිබෙනවා.













