බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













