දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 18 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිසිය සඳහන් කළේ, දිවයින පුරා සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව ඊයේ (26) සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් **27,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර** ඇති අතර, ඉන් **502 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන** තිබේ.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














