අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදීමට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන තිබූ තීරණයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, පෙරහැර පැවැත්වීමට අවසර ලබා දීමට අධිකරණය තීරණය කර තිබේ. පෙරහැර කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා දැක්වූ කරුණු මත දෙපාර්ශ්වය ඇති කරගත් එකඟතාවක් මත මෙම නියෝගය නිකුත් කෙරිණි.
ආදිත්‍ය පටබැඳිගේ සහ බී. ශෂි මහෙන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබුණි. ඒ අනුව, පොලිස් අවසරය නොමැති වීම හේතුවෙන් නතර වී තිබූ මෝදර දේවාලයේ වාර්ෂික මහා පෙරහැර නීතිමය එකඟතාවක් මත යළි පැවැත්වීමට නියමිතය.
















