22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පහළ අධිකරණයේ සිට ඉහළම අධිකරණය දක්වා සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මින් ඉදිරියට නඩු විභාග කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලැබීම හේතුවෙන් විනිසුරුවරුන්ට නව ආත්ම විශ්වාසයක් ඇති වී ඇති බවයි.
ජනතාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් විපක්ෂය විරෝධතා පවත්වන බව පැවසුවද, දක්ෂිණාංශිකයන් නැවත බලයට පැමිණියහොත් අධිරාජ්‍යවාදයට ගැති සහ ජනජීවිතයට හානිකර ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කවුරුත් දන්නා කාරණයක් බව ඔහු ප්‍රකාශ කළේය. බදු නොමැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි වුවද, හැකිතාක් දුරට ජනතාව මත පටවා ඇති බර අඩු වන පරිදි බදු සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුවට සැලසුමක් ඇති බවද වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















