‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් සහ පස්කඳු කඩාවැටීම් හා මාර්ගය සේදීයාම් 67ක් ඇතුළත් විය.
රඹුක්කන/කඩුගන්නාව ප්‍රදේශයේ පවතින දැඩි ආනතිය, විකල්ප මාර්ග නොමැතිකම සහ දුම්රිය මඟින් පමණක් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි අභියෝග මධ්‍යයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
















