රටේ ජනතාව විසින් සිදුකරන ලද දේශපාලන වෙනස යළි ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි. ජන හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ රටේ ඉතිහාසයේ පළමු වතාවට පැරණි ප්‍රභූ දේශපාලන තන්ත්‍රය වෙතින් සැබෑ බලය සාමාන්‍ය ජනතාව වෙත හුවමාරු වී ඇති බවයි.
අතීතයේදී පාලන තන්ත්‍රයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වචනයක් හෝ ලිවීමේ නිදහසක් නොතිබූ බවත්, එසේ කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම හෝ මර්දනය කිරීම සිදුකළ බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. නමුත් වර්තමානය වන විට ආණ්ඩුවේ ඕනෑම අයෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ සහ ලිවීමේ පූර්ණ නිදහස පවතින බවත්, තරුණ පරපුර දිගින් දිගටම ඉල්ලා සිටි සැබෑ නිදහස මෙය බවත් ජගත් මනුවර්ණ වැඩිදුරටත් අවධාරණය කළේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















