මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව අධිකරණයෙන් පලාගොස් සිටි සැකකරුවෙක් වසරකට පමණ පසු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන ආකාරයට 54 හැවිරිදි ධීවරයෙකු වන මෙම සැකකරු ඉන්දියාවේ නිකුත් කර තිබූ ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අදාළවද වැඩිදුරටත් සොයමින් සිටි පුද්ගලයෙකි.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුකරුවෙකු වූ මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී පලාගොස් ඇති අතර, පසුව අඟුලාන සහ වාද්දුව ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් භාවිත කරමින් සැඟවී සිට ඇත. වාද්දුව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සම්බන්ධයෙන් ඉන්දියාවට භාරදීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙසද අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.
















