රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානායකත්වයෙන් සහ විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ප්‍රායෝගික වැඩමුළුව සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 22ක් නියෝජනය කරමින් පාසල් මාධ්‍ය සමාජවල සිසුන් 640කට අධික පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටියහ. වර්තමාන ඩිජිටල් යුගය තුළ සන්නිවේදන ක්ෂේත්රයේ සිදුවන වේගවත් වෙනස්කම් හමුවේ පාසල් මට්ටමින් නිවැරදි මාධ්‍ය සංස්කෘතියක් සහ වෘත්තීය ප්රමිතීන් ගොඩනඟා ගැනීමේ දැඩි අවශ්‍යතාවය මෙමඟින් මනාව පිළිබිඹු වේ.
මෙවැනි පුහුණු වැඩසටහන් පාසල් මාධ්‍ය විෂය මාලාව හදාරන දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරුවරුන්ට ද ඉදිරියේදී පුළුල් අවස්ථා නිර්මාණය කර දෙනු ඇතැයි ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර සහ විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සභාපති අසංග ජයසූරිය යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වෙමින් පෙන්වා දුන්හ. ඉදිරියේදී මෙම ජාතික මට්ටමේ වැඩපිළිවෙළ තවත් පුළුල් කරමින් රටටම ගුණාත්මක හා වගකිවයුතු මාධ්‍යවේදීන් පරම්පරාවක් දායාද කිරීමට අවශ්‍ය පදනම මේ හරහා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.














