ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (5) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) අලුයම 1.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බැවින්, අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.













