මෙම වසරේ පළමු මාස 9 ඇතුළත පාකිස්තාන හමුදාවෙන් ඇෆ්ගනිස්තානයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන සහය මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කළ බව කාමා පුවත් සේවය වාර්තා කරයි.
කාබුල් අගනුවර ඇතුළු පළාත් වෙත දිගින් දිගටම එල්ල වූ මෙම ප්‍රහාර මේ වන විට දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වී ඇත. දේශසීමාවේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී තර්ජන මැඬපැවැත්වීම සඳහා ප්‍රහාර එල්ල කරන බව පාකිස්තාන රජය ප්‍රකාශ කළද, අභ්‍යන්තර අප්‍රසාදය වෙනතකට යොමු කිරීම ඇතුළු විවිධ භූ-දේශපාලනික හේතූන් මත මෙම ප්‍රහාර සිදු වන බව කාමා පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.














