නේපාලයේ සිදු වූ ස්වභාවික ආපදාවලින් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා සිහිපත් කර පුණ්‍යානුමෝදනා පිදීමේ විශේෂ පිංකමක් කොළඹ ගංගාරාමයේදී පවත්වා තිබේ.
බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කරන ලද මෙම පුණ්‍යෝත්සවය කොළඹ ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලීය දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි විජය කුමාර් රවුට් සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්වූහ.














