මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900කට එළැඹෙන දෙසැම්බර් මාසයේදී යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.
අරලියග මන්දිර පරිශ්‍රයේදී පැවති නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වසර එකහමාරක සාර්ථක පුහුණුවක් සම්පූර්ණ කරමින් සෞඛ්‍ය සේවයට එක් වූ මෙම නවක නිලධාරිනියන් දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරෙන අතර, මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවා ජනතාවට වඩාත් සමීපව අඛණ්ඩව සැපයීම මෙහි අරමුණ වේ.














