අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි.
අද දිනයේ විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ 2493/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක් සහ එම පනත යටතේ අංක 2493/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් විවාදයට ගැනීමට නියමිතය.
මීට අමතරව, රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.














