පොලිස් අධ්‍යාපනය සහ තාක්ෂණික නිපුණතා සංවර්ධනයේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය අතර අවබෝධතා ගිවිසුමක් (05) කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් පරිශ්‍රයේදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම මඟින් ඒකාබද්ධ පුහුණු වැඩසටහන්, විෂයමාලා සංවර්ධනය සහ තාක්ෂණික සහාය සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කෙරෙන අතර, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය තුළ පරිගණක අධිකරණ විද්‍යා රසායනාගාරයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම හා උපදේශන සහාය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. නව තාක්ෂණයන් සමඟ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා පොලිස් නිලධාරීන්ගේ දැනුම හා වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීමට මෙම සහයෝගීතාව වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇත.















