කෙන්යාවෙන් පළමු Ebola ආසාදිතයා හඳුනාගෙන ඇති අතර, Democratic Republic of the Congo සිට පැමිණි කෙන්යානු ජාතිකයෙකු Nairobi නුවරදී මියගොස් තිබේ. එම පුද්ගලයා වසර හතක් පමණ DRC හි ජීවත් වී ඇති අතර, ඔක්තෝබර් 2 වැනිදා DRC සිට Uganda හි Kampala වෙත මාර්ගයෙන් පැමිණ ඔක්තෝබර් 3 වැනිදා Nairobi වෙත ගුවන් යානයකින් පැමිණ තිබේ. පරීක්ෂණවලදී Bundibugyo virus සඳහා ඔහුගේ සාම්පල ධනාත්මක බව තහවුරු වී තිබේ.
රෝගියා ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රියේ මියගොස් ඇති අතර, පසුදා Ebola ආරක්ෂිත භූමදාන ක්‍රමවේදයට අනුව භූමදානය කර තිබේ. මේ වනවිට පවුලේ සාමාජිකයන් සහ රෝගියාට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයන් ඇතුළු සම්බන්ධතා 28ක් හඳුනාගෙන ඇති අතර, ඔහු සමඟ ගමන් කළ ගුවන් යානයේ මගීන් 23ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4ක්ද සොයා බැලෙමින් පවතී.
මේ අතර DRC හි පවතින Ebola outbreak එකෙන් මේ වනවිට පුද්ගලයන් 4,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 8,300කට වැඩි වී තිබේ. WHO සඳහන් කරන්නේ Kenya හි පළමු ආසාදනය DRC වෙතින් ආනයනය වූ සිද්ධියක් බවත්, Uganda හි පැවති outbreak එක අගෝස්තු මාසයේදී අවසන් කළ බවත්ය.












