Samsung Electronics සමාගම 2026 තුන්වන කාර්තුවේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව ආසන්න වශයෙන් 9 ගුණයකින් ඉහළ ගොස් කොරියානු වොන් ට්‍රිලියන 107.4ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙම ඇස්තමේන්තුව විශ්ලේෂකයන්ගේ වොන් ට්‍රිලියන 106.1ක පුරෝකථනයද ඉක්මවා යන බව Reuters වාර්තා කරයි.
මෙම ලාභ වර්ධනයට ප්‍රධාන වශයෙන් කෘත්‍රිම බුද්ධි යෙදුම් සඳහා අවශ්‍ය memory chips සඳහා ඉහළ යන ඉල්ලුම බලපා ඇති බව සඳහන් වේ. සාම්ප්‍රදායික DRAM සහ NAND chips මෙන්ම AI පද්ධති සඳහා වැදගත් වන High-Bandwidth Memory හෙවත් HBM සඳහාද ඉල්ලුම ඉහළ යාමත් සමඟ memory chip සැපයුම සීමිතව පවතින බව වාර්තා වේ.
Samsung සමාගම තුන්වන කාර්තුවේ ආදායම වොන් ට්‍රිලියන 195ක් පමණ වනු ඇතැයිද ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, මෙම ලාභ සහ ආදායම් සංඛ්‍යා මෙතෙක් අවසන් මූල්‍ය ප්‍රතිඵල නොවන අතර, සමාගමේ සම්පූර්ණ කාර්තුමය ප්‍රතිඵල මෙම මාසයේ පසුව නිකුත් කිරීමට නියමිතය.
















