බ්‍රිතාන්‍යයේ මීළඟ Bank of England මුදල් නෝට්ටු මාලාව සඳහා වනජීවී සතුන් ඇතුළත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව buff-tailed bumblebee, barn owl, European hedgehog සහ Atlantic puffin යන සතුන් නව නෝට්ටු සඳහා තෝරාගෙන ඇත. මෙම තීරණය මහජන අදහස් විමසීමකින් අනතුරුව ගෙන ඇති බව Bank of England සඳහන් කරයි.
නව series එකේ £5, £10, £20 සහ £50 නෝට්ටු සඳහා වෙනස් සතුන් ඇතුළත් කිරීමට නියමිත අතර, දැනට පවතින Winston Churchill, Jane Austen, JMW Turner සහ Alan Turingගේ රූප ක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත. කෙසේ වෙතත්, නව නෝට්ටුවල රජුගේ portrait එක තවදුරටත් ඇතුළත් වේ.
නව නෝට්ටු වහාම භාවිතයට පැමිණීමට නියමිත නොවන අතර, ඒවා නිර්මාණය කිරීම, පරීක්ෂා කිරීම සහ මුද්‍රණය කිරීම සඳහා වසර කිහිපයක් ගත වන බව Bank of England පවසයි. නව design එකේ වනජීවී රූප භාවිත කිරීමේ එක් අරමුණක් වන්නේ නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කිරීම වඩාත් අපහසු කිරීමයි.
















